නිවෙස් වලින් සහ වෙළඳසැල් වලින් ගෑස් උස්සපු හොරු මාට්ටු…

නිවෙස්වල භාවිතයට ගන්නා සහ ගෑස් අලෙවි නියෝජිත ආයතනවල තබා ඇති ගෑස් සිලින්ඩර් සංවිධානාත්මක ලෙස සොරකම් කළ කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මගිනි. ඔවුන්ට ලද තොරතුරුක් මත ක්‍රියාත්මක වූ ඔවුන් ඊයේ (28) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

කළුතර, වාද්දුව, අලුත්ගම, මතුගම යන ප්‍රදේශවල යතුරුපැදි සොරකම් කර එම යතුරුපැදි හරහා අදාළ සැකකරුවන් විසින් මෙම ගෑස් සිලින්ඩර් සොරකම සංවිධානාත්මක ලෙස කර ඇති බව අනාවරණය කරගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගෙන ඇති කල්ලිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති පුද්ගලයෙක්ගෙන් සමන්විතය.ඔවුන් කළුතර උතුර, මල්වත්ත ප්‍රදේශයේ පදිංචි 26,30 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයින් බව පොලීසිය පවසයි.

ඔවුන් මෙසේ කරන ලද ඇතැම් ගෑස් සිලින්ඩර සොරකම් සී.සී.ටී.වී කැමරාවලද සටහන්ව තිබුණි.එම සැකකරුවන් විසින් සොරකම් කරන ලද ගෑස් සිලින්ඩර විවිධ පුද්ගලයින්ට ඉතා අඩු මිලට අලෙවි කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14