spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවෙස් වලින් සහ වෙළඳසැල් වලින් ගෑස් උස්සපු හොරු මාට්ටු…

නිවෙස්වල භාවිතයට ගන්නා සහ ගෑස් අලෙවි නියෝජිත ආයතනවල තබා ඇති ගෑස් සිලින්ඩර් සංවිධානාත්මක ලෙස සොරකම් කළ කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මගිනි. ඔවුන්ට ලද තොරතුරුක් මත ක්‍රියාත්මක වූ ඔවුන් ඊයේ (28) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

කළුතර, වාද්දුව, අලුත්ගම, මතුගම යන ප්‍රදේශවල යතුරුපැදි සොරකම් කර එම යතුරුපැදි හරහා අදාළ සැකකරුවන් විසින් මෙම ගෑස් සිලින්ඩර් සොරකම සංවිධානාත්මක ලෙස කර ඇති බව අනාවරණය කරගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගෙන ඇති කල්ලිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති පුද්ගලයෙක්ගෙන් සමන්විතය.ඔවුන් කළුතර උතුර, මල්වත්ත ප්‍රදේශයේ පදිංචි 26,30 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයින් බව පොලීසිය පවසයි.

ඔවුන් මෙසේ කරන ලද ඇතැම් ගෑස් සිලින්ඩර සොරකම් සී.සී.ටී.වී කැමරාවලද සටහන්ව තිබුණි.එම සැකකරුවන් විසින් සොරකම් කරන ලද ගෑස් සිලින්ඩර විවිධ පුද්ගලයින්ට ඉතා අඩු මිලට අලෙවි කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?