ඕස්ට්‍රේලියාව දිවා කාලයේ ක්‍රීඩා කිරීමට බෑ කියයි

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන 07 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තරග මාලාවේ සීමිත පන්දුවාර තරග (එක්දින – විස්සයි විස්ස) සියල්ල දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත යෝජනාකර ඇති බවයි වාර්තා වුණේ.

එම යෝජනාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සැලසුම්කර පරිදි එම තරග පැවැත්වීට සිදුවනවා.

ඒ අනුව පෙර සැලසුම් කළ පරිදි විස්සයි විස්ස තරග පස්වරු 7.00ටත්, එක් දින තරග 05 පස්වරු 2.00ටත් ආරම්භ කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

විස්සයි විස්ස සහ එක්දින තරගාවලි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

එම ක්‍රීඩාංගණ දෙකේ අදාල තරග පැවැත්වීමේ දී අවශ්‍ය විදුලි ආලෝකය ලබාදීම සඳහා ඩීසල් මඟින් ක්‍රියාත්මක වන විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර භාවිත කිරීම සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33