ඕස්ට්‍රේලියාව දිවා කාලයේ ක්‍රීඩා කිරීමට බෑ කියයි

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන 07 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තරග මාලාවේ සීමිත පන්දුවාර තරග (එක්දින – විස්සයි විස්ස) සියල්ල දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත යෝජනාකර ඇති බවයි වාර්තා වුණේ.

එම යෝජනාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සැලසුම්කර පරිදි එම තරග පැවැත්වීට සිදුවනවා.

ඒ අනුව පෙර සැලසුම් කළ පරිදි විස්සයි විස්ස තරග පස්වරු 7.00ටත්, එක් දින තරග 05 පස්වරු 2.00ටත් ආරම්භ කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

විස්සයි විස්ස සහ එක්දින තරගාවලි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

එම ක්‍රීඩාංගණ දෙකේ අදාල තරග පැවැත්වීමේ දී අවශ්‍ය විදුලි ආලෝකය ලබාදීම සඳහා ඩීසල් මඟින් ක්‍රියාත්මක වන විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර භාවිත කිරීම සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46