ප්‍රවාහන ඇමති බන්දුල ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතුන් සමඟ විශේෂ සාකච්ඡාවක

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටළුවලට දිය හැකි විසඳුම් පිළිබඳව විද්වත් වෘත්තිකයන්ගේ යෝජනා ලබා ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් ගුණරත්න ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතුන්, ආචාර්ය, මහාචාර්යවරුන් සමඟ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විද්වතුන් ඉදිරිපත් කළ අදහස් හා යෝජනාවලින් කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි යෝජනා ඉදිරි සති දෙක ඇතුළත දී ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඒ, අනුව දැනට ධාවනයවන දුම්රිය ගමන්වාරවලට අමතරව ඉදිරි සති දෙක ඇතුළත දී අමතර දුම්රිය ගමන්වාර 50ක් එක් කිරීමටත්, දිගුකාලීන යෝජනා පිළිබඳව නැවත වරක් ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ නිළධාරීන් සහ අනෙකුත් පාර්ශව සමඟ සාකච්ඡාකර ඉදිරි සැළසුම් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29