spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවාහන ඇමති බන්දුල ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතුන් සමඟ විශේෂ සාකච්ඡාවක

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටළුවලට දිය හැකි විසඳුම් පිළිබඳව විද්වත් වෘත්තිකයන්ගේ යෝජනා ලබා ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් ගුණරත්න ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතුන්, ආචාර්ය, මහාචාර්යවරුන් සමඟ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විද්වතුන් ඉදිරිපත් කළ අදහස් හා යෝජනාවලින් කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි යෝජනා ඉදිරි සති දෙක ඇතුළත දී ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඒ, අනුව දැනට ධාවනයවන දුම්රිය ගමන්වාරවලට අමතරව ඉදිරි සති දෙක ඇතුළත දී අමතර දුම්රිය ගමන්වාර 50ක් එක් කිරීමටත්, දිගුකාලීන යෝජනා පිළිබඳව නැවත වරක් ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ නිළධාරීන් සහ අනෙකුත් පාර්ශව සමඟ සාකච්ඡාකර ඉදිරි සැළසුම් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?