800ට පෙට්‍රල් වික්ක පොම්පකරුගේ බිරිඳ පොලිස් දැලේ

අලුත්ගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවක කරන පොම්පකරුවෙකුගේ බිරිඳක් නීති විරෝධී ලෙස අධික මිල ගණන්වලට ඉන්ධන අලෙවි කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව පෙට්‍රල් බෝතලයක් රුපියල් 800ක මුදලකට අලෙවිකර ඇති අතර ඇය සන්තකයේ තිබී පෙට්‍රල් තොගයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

බේරුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ තම ස්වාමියා රැගෙන එන පෙට්‍රල් මෙලෙස අලෙවි කරන බවයි.

පොලිස් උපාය දූතයකු ලවා පෙට්‍රල් බෝතලයක් රුපියල් 800ක මුදලකට මිලදී ගැනීමෙන් අනතුරුව ඇයගේ නිවස පරික්ෂා කිරීමේ දී පෙට්‍රල් තොගය හමුව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21