spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

800ට පෙට්‍රල් වික්ක පොම්පකරුගේ බිරිඳ පොලිස් දැලේ

අලුත්ගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවක කරන පොම්පකරුවෙකුගේ බිරිඳක් නීති විරෝධී ලෙස අධික මිල ගණන්වලට ඉන්ධන අලෙවි කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව පෙට්‍රල් බෝතලයක් රුපියල් 800ක මුදලකට අලෙවිකර ඇති අතර ඇය සන්තකයේ තිබී පෙට්‍රල් තොගයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

බේරුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ තම ස්වාමියා රැගෙන එන පෙට්‍රල් මෙලෙස අලෙවි කරන බවයි.

පොලිස් උපාය දූතයකු ලවා පෙට්‍රල් බෝතලයක් රුපියල් 800ක මුදලකට මිලදී ගැනීමෙන් අනතුරුව ඇයගේ නිවස පරික්ෂා කිරීමේ දී පෙට්‍රල් තොගය හමුව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?