ශිවාගේ කුඩු ජාවාරමේ සුලමුල එළියට

මුහුදු මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ජාවාරම මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි පැවසෙන මේ වනවිට ඉන්දියාවට පලා ගොස් සැඟවී සිටින බවට සැකකරන ‘ශිවා’ නොහොත් නන්දකුමාර් ශිවනන්දන් නමැත්තාගේ බිරිය බවට පැවසෙන කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඉකුත් දා (3දා) අලුයම තලාහේන, ජයමාවත ප්‍රදේශයේදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 250ක් සොයාගෙන ඇති අතර එම සැකකාරිය වයස අවුරුදු 44ක කොළාන්නාව ප්‍රදේශයේ පදිංචි නෝනා ෂෙරින් ෂෙයින් අහමඩ් නමැති කාන්තාවකි.

අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ‘ශිවා’ නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැකකෙරන රුපියල් ලකෂ 500කට අධික වටිනාකමකින් යුත් අධිසුඛෝපභෝගී ජීප් රථයක්, වෑන් රථ දෙකක්, මෝටර් රථයක් ජා-ඇළ, ඒකල හා තලාහේන යන ප්‍රදේශවලින් සොයාගෙන ඇත. මෙහිදී සොයාගත් වාහන අතරින් KDH  වර්ගයේ වෑන් රථය සහ මිනි කූපර් වර්ගයේ රථය මීට පෙර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් පෑලියගොඩ කළු පාලම අසලදී කේරළ ගංජා කිලෝ 400ක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු බැඳුම්කර මගින් නිදහස් කළ වාහන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම මෝටර් රථ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පොලිසිය පවසීය.

අත්අඩංගුවට පත් කාන්තාව ‘ශිවා’ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දෙවන විවාහයේ බිරිය බවත් ශිවා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙරටින් පලායෑමෙන් පසු ඔහුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම කාන්තාව සහාය ලබාදී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

‘ශිවා’ නොහොත් නන්දකුමාර් ශිවනන්දන් විසින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රංශයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනවා යැයි පැවැසෙන ‘රූබන්’ නමැත්තාගේ සහ ඉතාලියේ එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනවා යැයි පැවැසෙන “කුඩුලාල්” නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය මෙහෙයවා ඇත්තේ “ශිවා” නමැත්තා බවත් “ශිවා” නමැත්තා විසින් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වීමද සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

‘ශිවා’ නමැත්තා හා අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිය විසින් දරුවන් හත් (7) දෙනෙක් නඩත්තු කර ඇති අතර එම දරුවන් කිහිපදෙනෙකු ශිවා නමැත්තාගේ පෙර විවාහයේ දරුවන් බවත් තොරතුරු අනාරවණය වී ඇති අතර කුලී පදනම මත ලබාගත් නිවෙස් දෙකක් පිළිබඳවද තොරතුරු අනාවරණය කර ගත හැකි වූ බව පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඉකුත්දා (3දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින්ද දිල්රුක් මහාතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර මහතාගේ අධීක්‍ෂණය යටතේ, උප පොලිස් පරීක්‍ෂක මුදිත ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන්, පො.සැ. රුවන් (48874), පො.සැ ජයතිස්ස (50173), පො.කො. කුමාර (84768), ඔබේසේකර (85207), පො.කො. අමිත් (79185) පො.කො සඳකැලුම් (91880), පො.කො. ප්‍රවීන, (91469), පො.කො. උදයරත්න (73320) විජේනායක (85766), කා.පො.කො. පීරිස් (10907) යන නිලධාරීන් විසින් මෙම අත්ංඅඩංගවට ගැනීම් සිදුකර ඇති අතර, තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38