අභි,රහසක් ඉතිරි කරමින්, පාසලෙන් රෝහලට ගිය, පුංචි මලීෂා ගේ දුක්බර කතාව

අසනීප තත්ත්වයක් හේතුවෙන් බුත්තල රෝහලටත් එතැනින් මොනරාගල මහ රෝහලටත් ඇතුළු කිරීමෙන් පසු 12 හැවිරිදි දැරියක් පෙරේදා (01දා) සවස මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ බුත්තල, දුටුගැමුණු ජාතික පාසලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කළ පෙට්ටගම්වෙල, හතරමං හන්දිය, බුත්තල ලිපිනයේ පදිංචි පී.ආර්. ගෙමින්දි මලිෂා නමැති 12 හැවිරිදි දැරියකි.

දහවල් ආහාර ගැනීමෙන් පසු සවස පන්ති ආරම්භ වූ අවස්ථාවේදී ක්ලාන්ත ගතියක් ඇතිවී ඇති අතර වහාම ඇයගේ මිතුරියන් මේ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ප්‍රථමාධාර ලබාදෙන අතරතුර දැරිය දුන් දුරකථන අංකයට කතාකර ඇයගේ මවද පාසලට කැඳවාගෙන තිබේ.

ඒ අතර 1990 ගිලන් රථ සේවයට ඇමතුම් රැසක් ලබාගෙන ඇතත් එය ප්‍රමාද වීම හේතුවෙන් දැරියගේ මව පැමිණි ත්‍රිරෝද රථයෙන් දැරිය ගුරුවරියක සමඟ රැගෙන ගොස් බුත්තල රෝහලට ඇතුළු කිරීමේදී වැඩිදුර ප්‍රතිකාර සඳහා තවත් වෛද්‍යවරියකද සමඟ මොනරාගල මහ රෝහලට යවා තිබේ.

එහිදී මෙම දැරිය මියගොස් තිබේ.

මොනරාගල රෝහලේදී දැරියට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණු බව දැරියගේ ඥාතීහු පවසති.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට වැල්ලවාය කලාප කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ඩබ්. සේමපාල හා බුත්තල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුසිත බණ්ඩාර, දුටුගැමුණු ජාතික පාසලේ විදුහල්පති ඩබ්.එම්. සෙනවිරත්න ඇතුළු අධ්‍යාපන නිලධාරීහු පිරිසක්ද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මොනරාගල රෝහලටත් දැරියගේ නිවෙසටත් පැමිණ සිටියහ.

මේ සම්බන්ධයෙන් අප මොනරාගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ආර්.එම්.එස්. රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ පවතින කොවිඩ් – 19 අවදානම් තත්ත්වය හේතුවෙන් රෝගියකු රෝහලට ඇතුළත් කිරීමේදී කිසියම් සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් දැරියගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවත් එහි ප්‍රතිඵල අනුව මරණ පරීක්ෂණ කිරීමට නියමිත බවත් ලැබෙන වෛද්‍ය වාර්තාවලින් පසුව මියයෑමට හේතුව නිශ්චිතවම කිවහැකි බවත්ය.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03