අභි,රහසක් ඉතිරි කරමින්, පාසලෙන් රෝහලට ගිය, පුංචි මලීෂා ගේ දුක්බර කතාව

අසනීප තත්ත්වයක් හේතුවෙන් බුත්තල රෝහලටත් එතැනින් මොනරාගල මහ රෝහලටත් ඇතුළු කිරීමෙන් පසු 12 හැවිරිදි දැරියක් පෙරේදා (01දා) සවස මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ බුත්තල, දුටුගැමුණු ජාතික පාසලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කළ පෙට්ටගම්වෙල, හතරමං හන්දිය, බුත්තල ලිපිනයේ පදිංචි පී.ආර්. ගෙමින්දි මලිෂා නමැති 12 හැවිරිදි දැරියකි.

දහවල් ආහාර ගැනීමෙන් පසු සවස පන්ති ආරම්භ වූ අවස්ථාවේදී ක්ලාන්ත ගතියක් ඇතිවී ඇති අතර වහාම ඇයගේ මිතුරියන් මේ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ප්‍රථමාධාර ලබාදෙන අතරතුර දැරිය දුන් දුරකථන අංකයට කතාකර ඇයගේ මවද පාසලට කැඳවාගෙන තිබේ.

ඒ අතර 1990 ගිලන් රථ සේවයට ඇමතුම් රැසක් ලබාගෙන ඇතත් එය ප්‍රමාද වීම හේතුවෙන් දැරියගේ මව පැමිණි ත්‍රිරෝද රථයෙන් දැරිය ගුරුවරියක සමඟ රැගෙන ගොස් බුත්තල රෝහලට ඇතුළු කිරීමේදී වැඩිදුර ප්‍රතිකාර සඳහා තවත් වෛද්‍යවරියකද සමඟ මොනරාගල මහ රෝහලට යවා තිබේ.

එහිදී මෙම දැරිය මියගොස් තිබේ.

මොනරාගල රෝහලේදී දැරියට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණු බව දැරියගේ ඥාතීහු පවසති.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට වැල්ලවාය කලාප කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ඩබ්. සේමපාල හා බුත්තල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුසිත බණ්ඩාර, දුටුගැමුණු ජාතික පාසලේ විදුහල්පති ඩබ්.එම්. සෙනවිරත්න ඇතුළු අධ්‍යාපන නිලධාරීහු පිරිසක්ද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මොනරාගල රෝහලටත් දැරියගේ නිවෙසටත් පැමිණ සිටියහ.

මේ සම්බන්ධයෙන් අප මොනරාගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ආර්.එම්.එස්. රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ පවතින කොවිඩ් – 19 අවදානම් තත්ත්වය හේතුවෙන් රෝගියකු රෝහලට ඇතුළත් කිරීමේදී කිසියම් සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් දැරියගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවත් එහි ප්‍රතිඵල අනුව මරණ පරීක්ෂණ කිරීමට නියමිත බවත් ලැබෙන වෛද්‍ය වාර්තාවලින් පසුව මියයෑමට හේතුව නිශ්චිතවම කිවහැකි බවත්ය.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?