වවුනියාව සෙට්ටිකුලමේ කැලෑබද ප්‍රදේශයකදී හමුදාවට වෙඩි ප්‍රහාරයක්

වවුනියාව – සෙට්ටිකුලම කැළෑබද ප්‍රදේශයකදී විල්පත්තු කැළය ආශ්‍රිත ක්‍රියාන්විත රාජකාරියේ නිරත හමුදා භට කණ්ඩායමක් සහ ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ 22 කුගෙන් සමන්විත අදාළ හමුදා භට කණ්ඩායම වෙත ආයුධ සන්නද්ධව සිටි තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

තුවාල ලැබූ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වවුනියාව රෝහලට මාරුකර යවා තිබෙනවා. ආයුධ සන්නද්ධව සිටි සෙසු පුද්ගලයින් දෙදෙනා පලාගොස් ඇති අතර, ඔවුන් සොයා සෙට්ටිකුලම පොලීසිය විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25