කාලගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

අද (01) පස්වරු 12.30 සිට හෙට (02) පස්වරු 12.30 දක්වා එම නිවේදනය වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතී.

ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් පසු වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?