දමන ද්විත්ව ඝා,තනයේ සැකකරු ගැන තොරතුරු හෙළිවේ

අම්පාර දිස්ත්‍රික්කයට අයත් දමන පොලිස් බල ප්‍රදේශයේ වරාලන්ද ගම්මානයේ දී මවක සහ ඇයගේ 13 හැවිරිදි පුත්‍රයාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැක පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ (31) අලුයම් කාලයේ දී  එම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

ඝාතනයට ලක්වු කාන්තාවගේ සැමියා මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇය වෙනත් පුද්ගලයෙක් සමග නිවසේ ජීවත්ව ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඝාතනය සිදුවු දින එම පුද්ගලයා නිවසේ මත්පැන් පානය කර සිට ඇති බව ද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

අලුයම 1.30ට පමණ ඝාතනයට ලක්වු කාන්තාව සිය මවට දුරකථන ඇමතුමක් ලබා දී නිවසේ සිටි පුද්ගලයා තමාට හිරිහැර කරන බවත් ඒ නිසාවෙන් දරුවාට හෙට පාසල් යෑමට සිදුනොවන බවත් පවසා ඇත.

ඝාතනය වු කාන්තාවගේ මව නැවත නැවතත් දුරකථන ඇමතුම් ලබාගෙන ඇතත් එයට කිසිවෙකු පිළිතුරු දී නොමැත.

පසුදා අසල්වැසි කාන්තාවක් දරුවා පාසල් නොගියේ ඇයිදැයි ඇසීමට නිවසට පැමිණ ඇති අතර එහිදී දොර වසා දමා තිබීම හේතුවෙන් පිටුපසින් නිවසට ඇතුළු වන විට ඝාතනය වු කාන්තාව හා පුත්‍රයා ලේ ගලමින් බිම වැටී සිටින දැක තිබේ.

පසුව එම කාන්තාව දමන පොලීසියට මේ බව පැමිණිලි කර ඇත. 

දමන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මුලිකත්වයෙන් මේ වන විට ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් සුනඛයින් යොදාගනිමින් මේ වන විට ඝාතකයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, සැකකරු මේ වන ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහු තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත් පොලීසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25