AFC Banner
Empty Ad
Empty Ad

වළවේ ගඟට බිළිවූ සිසුවියගේ ගුරුවරිය අත්අඩංගුවට

බලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේදී වලවේ ගඟේ දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කල්තොට පොලිස් වසමේ තන්ජන්තැන්න විද්‍යාලයේ භාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරියයි.

එම විද්‍යාලයේ ළමුන් 15 දෙනෙක් සමග පෙරේදා දිනයේ දී වලවේ ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී 16 හැවිරිදි දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ ගුරුවරිය පාසලේ විදුහල්පතිවරයාගෙන් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් කිසිදු අවසරයක් ලබානොගෙන එම දරුවන් රැගෙන ගොස් ඇති බව මේ සම්බන්ධයෙන් කල්තොට පොලීසිය විසින් සිදු කළ විමර්ෂනයේ දී අනවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ ගුරුවරිය කල්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (01) දිනයේ දී ඇය බලන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කල්තොට පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?