AFC Banner
Empty Ad
Empty Ad

දින 120ක් තුල මෙරටින් කොරෝනා රෝගීන් 60,000ක්

අද වන විට රටේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 64,157ක් වන අතර ඉන් සුවය ලද පිරිස 57,159ක් වනවා.අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 864 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 837 දෙනෙකු මෙරට ව්‍යාප්ත දෙවන කොරෝනා රැල්ලෙන් වාර්තා වන ආසාදිතයින් වන අතර සෙසු 27 දෙනා විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා. 

දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,685ක්.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 03 වෙනිදා මිනුවන්ගොඩ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකගෙන් ආරම්භ වූ මෙරට කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ල පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට ද ව්‍යාප්තවීම සමග රටපුරා කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමට පටන් ගැනුණා.කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය ආරම්භ වී අදට දින 120ක් වන අතර එම කාලය තුලදී මෙරටින් කොරෝනා රෝගීන් 60,174ක් වාර්තා වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?