පාස්කු ප්‍රහාරයට වසර 3යි

පාස්කු ප්‍රහාරය සිදුවී අදට (අප්‍රේල් 21) වසර තුනක් ගත වී තිබේ.

එහි තෙවර්ෂ පූර්ණයේ ප්‍රධාන සැමරුම අද (අප්‍රේල් 21) කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වේ.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ සැමරුමට ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන් ඇතුළු පූජාප්‍රසාදිවරුන් හා කන්‍යා සොහොයුරියන්, සංඝයා වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන්, පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක් වූ වින්දිතයන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන්, පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක් වූ විදෙස් වින්දිතයන් නියෝජනය කරමින් එම රටවල තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත ය.

ජිවිතක්ෂයට පත් වූ පිරිස් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීම, ඉටිපන්දම් දැල්වීම හා දේවස්ථානයේ සීනු නාද කිරීමෙන් අනතුරුව විශේෂ දේව මෙහෙයක් ඇතුළු සර්වාගමික වතාවක් පැවැත්වේ.

දේව මෙහෙයෙන් අනතුරුව දුගීන් වෙනුවෙන් වියළි ආහාර ලබා දීම ද සිදු කෙරේ.

මෙම සැමරුමට සමගාමීව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අනෙකුත් රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී තව ත් සමරුවක් සවස් කාලයේදී පැවැත් වේ.

කටුවාපිටිය දේවස්ථානයේ දී සිදු කෙරෙන යාච්ඤා මෙහෙයකින් අනතුරුව මීගමුව බස් නැවතුම්පොළ අසල ග්‍රීන්පාත්හි ශුද්ධ වූ ජුසේවාස් මුනිඳුන්ගේ ප්‍රතිමාව වෙත පෙරහැරක් සංවිධාන කොට තිබේ.

එහිදී ද විශේෂ සැමරුම් වැඩසටහනක් පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?