පාස්කු ප්‍රහාරයට වසර 3යි

පාස්කු ප්‍රහාරය සිදුවී අදට (අප්‍රේල් 21) වසර තුනක් ගත වී තිබේ.

එහි තෙවර්ෂ පූර්ණයේ ප්‍රධාන සැමරුම අද (අප්‍රේල් 21) කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වේ.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ සැමරුමට ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන් ඇතුළු පූජාප්‍රසාදිවරුන් හා කන්‍යා සොහොයුරියන්, සංඝයා වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන්, පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක් වූ වින්දිතයන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන්, පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක් වූ විදෙස් වින්දිතයන් නියෝජනය කරමින් එම රටවල තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත ය.

ජිවිතක්ෂයට පත් වූ පිරිස් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීම, ඉටිපන්දම් දැල්වීම හා දේවස්ථානයේ සීනු නාද කිරීමෙන් අනතුරුව විශේෂ දේව මෙහෙයක් ඇතුළු සර්වාගමික වතාවක් පැවැත්වේ.

දේව මෙහෙයෙන් අනතුරුව දුගීන් වෙනුවෙන් වියළි ආහාර ලබා දීම ද සිදු කෙරේ.

මෙම සැමරුමට සමගාමීව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අනෙකුත් රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී තව ත් සමරුවක් සවස් කාලයේදී පැවැත් වේ.

කටුවාපිටිය දේවස්ථානයේ දී සිදු කෙරෙන යාච්ඤා මෙහෙයකින් අනතුරුව මීගමුව බස් නැවතුම්පොළ අසල ග්‍රීන්පාත්හි ශුද්ධ වූ ජුසේවාස් මුනිඳුන්ගේ ප්‍රතිමාව වෙත පෙරහැරක් සංවිධාන කොට තිබේ.

එහිදී ද විශේෂ සැමරුම් වැඩසටහනක් පැවැත්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14