” කථානායකතුමනි පච කියන්න එපා.. ඔබතුමා ටොම් පචයෙක්නේ..” – කථානායක සහ විපක්ෂ නායක අතර උණුසුම් තත්ත්වයක්

පක්ෂ නායකයන් සියළු දෙනා ඉල්ලා සිටියහොත් ජනාධිපතිතුමා ඉල්ලා අස්වීමට සූදානම් බවට සඳහන් කළ පුවත බොරුවක් බව කථානායකවරයා පවසනවා.
ඔහු පවසන්නේ එවැනි කතාවක් ඔහු නොකියූ බවයි..
ඒ සමගම විපක්ෂ නායකවරයා සහ කථානායකවරයා අතර උණුසුම් වාදයක් ඇතිවුණේ මෙලෙසින්..

“කථානායකවරයා – ජනාධිපතිතුමා කථානායකවරයාට ප්‍රකාශ කළා කියන පුවත සම්පූර්ණ වැරදියි.. විපක්ෂ නායකතුමා ඒක වැරදි විදිහට ප්‍රකාශ කළේ.
එතුමා කිව්වේ 113 ක් පෙන්නුවොත් ආණ්ඩුව දෙන්න ලෑස්තියි කියලයි කිව්වේ.

විපක්ෂ නායකවරයා – ගරු කථානායකතුමනි පක්ෂ නායක රැස්වීමකදි ඔබතුමා දිනේෂ් ගුණවර්ධන මම ඉදිරිපිට හිටියේ.
ඔබතුමා එතන ප්‍රකාශ කරලා දැන් නැහැයි කියනවානම් ඔබතුමා කියන්නේ අසත්‍යයක්.
අපිත් පුදුම වුණා.. මම මොනවටද බොරු කියන්නේ මෙතැන.
සම්පූර්ණ අසත්‍යයක් ඔබතුමා කියන්නේ.. ඔබතුමා කියන්න ඔබතුමාගේ කතාව වැරදුනා කියලා.
ගරු කථානායකතුමනි ටොම් පච කියන්න එපා.. තමුන්නාන්සේ කථානායක නෙවෙයි පචයෙක්..
වාඩිවෙනවා හලෝ.. වාඩිවෙනවා.. හාල්පාරුවා.. ගරු කථානායකතුමනි දාන්න මයික් එක.
ඔබතුමා ඒක කියනකොට දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා හිටියා. මට උවමනාවක් නෑ පච කියන්න..”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?