අද දවසේ ලග්න 5කට සුබ වුවත් අනෙක් ලග්න හිමියන් දැඩි අවධානමක

මේෂ ලග්නය
අධ්‍යාපන කටයුත්තක නිරත වන මේෂ ලග්න හිමියන්ට අද දිනය තුල තරමක් බාධා ඇති වන්නට පුළුවන්. කායික ශක්තිය යහපත් වන දිනයකි. යම් කාර්යබහුලතාවයක් අද දවස පුරාම ඇති වන්නට පුළුවන්. ඔබගේ කටයුතු සාර්ථක ලීලාවෙන් අවසන් කරන්නට අද දිනයේදී හැකියාව උදාපත් වේවි.

වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ගෙවල් දොරවල් ආශ්‍රිත කාරණාවලදී යම් කාර්යබහුල ස්වභාවයක් ඇති වන්නට හැකියාවක් පවතින දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. අනවශ්‍ය කටයුතු වලට මැදිහත් වී අත්‍යවශ්‍ය කටයුතු රැසක් මගහැරෙන ආකාරයක් දක්නට ලැබෙනවා. සැලසුම්සහගත වීම වැදගත්.

මිථුන ලග්නය
ඔබගේ පෞරුෂත්වය විදහා දක්වන්නට හැකියාව ලැබෙන දවසක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ඔබ බලාපොරොත්තු වුණු සීමාව තුල ඔබගේ කටයුතු සිදු කරගැනීමට ඔබට හැකියාව ඇත. ඒ නිසාම අන් අය ඔබගෙන් උපදෙස් පතාගෙන එන දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. හැÛීම් වැඩි වශයෙන් උද්දීපනය වන දිනයකි.

කටක ලග්නය
ඔබගේ ආරක්ෂාව පිළිබඳව බොහොම හොඳින් සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම ශරීර සෞඛ්‍යයේත් යම් කිසි අඩුපාඩු අවහිරතා ඇති වීමට ඉඩකඩක් පවතිනවා. ඔබ තරමක් ඉවසිලිවන්තව කටයුතු කල යුතු දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න.

සිංහ ලග්නය
අද දිනයේ ඔබට යම්කිසි කලබලකාරී තත්වයක් ඇති වන්නට හැකියාවක් පවතිනවා. ඒ වගේම තරමක් රස්තියාදු වීමේ ගති ලක්ෂණත් ඇති වන්නට පුළුවන්. නිසි සැලසුමකට අනුව කටයුතු කිරීම ද ඉතාමත්ම වැදගත්. ඔබගේ අභිමතය අනුව කටයුතු කිරීමෙන් අද දිනයේ කටයුතු සාර්ථක කරගැනීමට හැකියි.

කන්‍යා ලග්නය
ගේ දොර යානවාහන පිළිබඳව යම් යම් අර්බුධකාරි තත්වයන් ඇති වන්නට පුළුවන්. ඔබ සිතනවාට වඩා ඔබට අද දිනයේදී බාධාකාරී තත්වයන් ඇති කිරීමට හැකියාව පවතින බැවින් සැලකිලිමත් වන්න. යුතුකම් වගකීම් ඉතාමත්ම ඉහල මට්ටමක පවතින බැවින් අද දිනය ඔබ ඉතා කල්පනාකාරීව කටයුතු කල යුතුයි.

තුලා ලග්නය
අද දිනය ඔබට උදා වන්නේ පංචමහා පුරුශයෝගයක් වන මාලවී නමැති යෝගයක් ද උදා කරවමින්. ඉතාමත්ම ශුභ දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. අද දිනය තුල ඔබගේ ආකර්ෂණ ශක්තිය ඉතාමත්ම ඉහල තත්වයක පවතින බව විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. ආ ගිය තැන අන් අයගේ පිළිගැනීම ඇති වේ.

වෘශ්චික ලග්නය
ඔබට පසුගිය දින කිහිපය තුල යම් යම් බාධාකාරී තත්වයන් පැවතුනානම් එම තත්වයන් දුරු වී යන ආකාරයක් අද දිනයේදී ඇති කරවනවා. බොහෝ බාධාකාරී තත්වයන් නිරාකරණය කරගැනීමට හැකියාව ඔබට උදා වේ. කෝටියක් දෝෂ භංග කරවන දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. කටයුතු සාර්ථක වේ.

ධනු ලග්නය
අද දිනයේදී ධනු ලග්න හිමියන්ගේ ඉවසීම, උපේක්ෂා සහගත බව සහ කාරුණික බව ඉවත්ව යන අකාරයක් දක්නට ලැබෙනවා. ආවේගශීලි ගති ලක්ෂණ මතු කිරීමේ ඉඩකඩක් පවතිනවා. එම නිසා හිතවතුන් දුරස් වීම වැනි දේ සිදු වන්නට ඉඩකඩක් පවතිනවා. රැකි රක්ෂා වලට බාධාවන් ඇති වන්නට ඉඩකඩ පවතින බැවින් සැලකිලිමත් වන්න.

මකර ලග්නය
අද දිනය තුල තරමක් කලබලකාරී ගති ලක්ෂණ ඇති කරවන්නට හැකියාව පවතිනවා. ලැබීම් සඳහා යහපත් වුවත් විඳීමට එතරම් පිනක් නොමැති වන ආකාරයක් දක්නට ලැබෙනවා. උදෑසන සිටම ඔබට සැලකිලිමත්ව කටයුතු කල යුතු ආකාරයක් දක්නට ලැබෙනවා. දණහිස් ආශ්‍රිත ආබාධතා ඇති වීමට ඉඩකඩක් පවතිනවා.

කුම්භ ලග්නය
අද දිනයේදී ඔබට ප්‍රභල ධනයෝගයක් උදා වී පවතිනවා. ඉතාමත්ම යහපත් දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. පෙර පින් පල දෙන දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලත් අති සාර්ථක ප්‍රතිඵල උදා කරවන්නට හැකියාව පවතිනවා. නව ධනෝපායන මාර්ග උදාපත් වනවා.

මීන ලග්නය
අද දිනයේදී ඔබගේ සතුට සැනසුමට යම් යම් පීඩාකාරී තත්වයන් උදා කරවනවා. අන් අය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමේදී තරමක් දුර සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඔබගේ කැපවීමට අනෙකුත් අයගෙන් ලැබෙන්නාවූ ප්‍රතිචාර ඉතාමත් ම අවම තත්වයේ පවතිනවා. මානසික පීඩා වලට ද ලක් වීම ට හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39