ත්‍රස්ත විමර් ශන ඒකකයේ කොටි සැකකරුවන් 19 න් 17 කටම කොරෝනා…

වව්නියාව පොලීසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර් ශන ඒකකයේ රඳවා සිටින ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 19 දෙනාගෙන් 17 දෙනෙකුටම කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.

වව්නියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ත්‍රස්ත ක්‍රියාවන් සඳහා සම්බන්ධ හා අනුබල දීම යන කරුනු හේතුවෙන් රඳවාගැනීමේ අධිකරණ නියෝග මත රඳවා සිටින සැකකරුවන් 19 දෙනාගෙන් කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකුට පසුගිය 24 වනදා සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී කොරෝණා වෛරසය වැළඳී ඇති බවට හෙලි වීමෙන් පසුව සෙසු සැකකරුවන් 18 දෙනාටද පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමෙන් අනතුරුව තවත් 16 දෙනෙකුට කොරෝණා වෛරසය අසාදානය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇත.

අදාල සැකකරුවන්ගෙන් කොරෝණා වෛරසය ආසාදනය වී නොමැති සැකකරුවන් දෙදෙනා වෙනම ස්ථානයක රැඳවීමට පියවර ගෙන ඇති අතර පළමුව වෛරසය වැළඳුනු සැකකරුගෙන් සෙසු සැකකරුවන්ට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් සැක පලකරති.

මේ හේතුවෙන් වව්නියාව පොලිස් ත්‍රස්ත විමර් ශන ඒකකයේ පොලිස් නිලධාරීන්ද මේ වන විට පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට පියව ගෙන ඇති අතර ඔවුන් නිරෝධායනය කිරීමටද පියවර ගෙන ඇතැයි වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර් යාලය වැඩි දුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01