සීමිත පිරිසකට සීමාවූ රන්බීර් – ආලියා ගේ විවාහය අදයි

බොලිවුඩ් තිරයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙකු වන රන්බීර් කපූර් සහ ආලියා බාත් අතර විවාහ මංගලෝත්සවය මුම්බායිහි සුඛෝපභෝගි කපූර් මන්දිරයේදී අද සන්ධ්‍යාවේ පැවැත්වෙනවා.

39 හැවිරිදි රන්බීර් කපූර්ගේ මව නීතු සිං ද සුප්‍රකට බොලිවුඩ් නිළියක වන අතර, ඔහුගේ ඥාති සොහොයුරින් වන කරීනා කපූර් සහ කරීෂ්මා කපූර් ඇතුළු පවුලේ සමීපතමයන්ට පමණක් විවාහ මංගල උත්සවය සීමා වීම විශේෂත්වයක්.

ෆිල්ම් ෆෙයාර් සම්මාන රැසක් ජයග්‍රහණය කර ඇති ආලියා බාත්, චිත්‍රපට අධ්‍යක්ෂ මහේෂ් බාත් සහ සිනමා නිලි සෝනි රස්ඩාන්ගේ දියණිය වන අතර, බොලිවුඩ් පුරයේ වැඩිම ගෙවීමක් ලබන නිලියක ලෙස ෆෝබ්ස් ධනවතුන්ගේ ලැයිස්තුවට ද ඇතුළත්.

සමාජ මාධ්‍ය වෙබ් පිටුවල මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් සිටින රන්බීර් – ආලියා යුවලගේ විවාහ මංගල්‍යය පිලිබඳව ලොව පුරා විශාල අවධානයක් යොමුව තිබෙනවා.

රන්බීර් – ආලියා එක්ව රඟපාන ප්‍රථම චිත්‍රපටය බ්‍රහ්මස්ත්‍රා මේ වසර අවසානයේ සිනමා තිරයට පැමිණීමට නියමිතයි.

එහි ඔවුන් සමග රඟන බොලිවුඩ් සුපිරි රංගන ශිල්පී අමිතාබ් බච්චන්, නව යුවලට ආදරය වාසනාව සහ ආලෝකය ප්‍රාර්ථනා කර ඇති බවයි බොලිවුඩ් පුරවරයෙන් ලැබෙන වාර්තා සඳහන් කර සිටින්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුපිරිම වැටුපක් එක්ක ඊශ්‍රායලයේ රට රැකියාවකට යන්න අවස්ථාව
Video thumbnail
කාළගුණය යළි දරුණුවෙන ලකුණු..අද දිනයේ සිට වර්ෂාවේ ඉහළ යාමක්..අවදානම් ස්ථානවලින් වහාම ඉවත් වෙන්න
02:49
Video thumbnail
අපිට කොච්චර විවේචනය කළත් අපි ජනතාවට සහන දෙනවා
03:39
Video thumbnail
අශෝක රන්වලගේ කෙරුවාව කැබ්නට් හමුවේදී නලින්දගෙන් හෙළිවෙයි..ඇයි පොලිසිය මෙච්චර බොරු කියන්නේ?
07:42
Video thumbnail
විපක්ෂයේ සහතික අපිට අවශ්‍ය නෑ - විපක්ෂය ආපදාවකට ලක්වෙලා
04:23
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14


?