සීමිත පිරිසකට සීමාවූ රන්බීර් – ආලියා ගේ විවාහය අදයි

බොලිවුඩ් තිරයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙකු වන රන්බීර් කපූර් සහ ආලියා බාත් අතර විවාහ මංගලෝත්සවය මුම්බායිහි සුඛෝපභෝගි කපූර් මන්දිරයේදී අද සන්ධ්‍යාවේ පැවැත්වෙනවා.

39 හැවිරිදි රන්බීර් කපූර්ගේ මව නීතු සිං ද සුප්‍රකට බොලිවුඩ් නිළියක වන අතර, ඔහුගේ ඥාති සොහොයුරින් වන කරීනා කපූර් සහ කරීෂ්මා කපූර් ඇතුළු පවුලේ සමීපතමයන්ට පමණක් විවාහ මංගල උත්සවය සීමා වීම විශේෂත්වයක්.

ෆිල්ම් ෆෙයාර් සම්මාන රැසක් ජයග්‍රහණය කර ඇති ආලියා බාත්, චිත්‍රපට අධ්‍යක්ෂ මහේෂ් බාත් සහ සිනමා නිලි සෝනි රස්ඩාන්ගේ දියණිය වන අතර, බොලිවුඩ් පුරයේ වැඩිම ගෙවීමක් ලබන නිලියක ලෙස ෆෝබ්ස් ධනවතුන්ගේ ලැයිස්තුවට ද ඇතුළත්.

සමාජ මාධ්‍ය වෙබ් පිටුවල මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් සිටින රන්බීර් – ආලියා යුවලගේ විවාහ මංගල්‍යය පිලිබඳව ලොව පුරා විශාල අවධානයක් යොමුව තිබෙනවා.

රන්බීර් – ආලියා එක්ව රඟපාන ප්‍රථම චිත්‍රපටය බ්‍රහ්මස්ත්‍රා මේ වසර අවසානයේ සිනමා තිරයට පැමිණීමට නියමිතයි.

එහි ඔවුන් සමග රඟන බොලිවුඩ් සුපිරි රංගන ශිල්පී අමිතාබ් බච්චන්, නව යුවලට ආදරය වාසනාව සහ ආලෝකය ප්‍රාර්ථනා කර ඇති බවයි බොලිවුඩ් පුරවරයෙන් ලැබෙන වාර්තා සඳහන් කර සිටින්නේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53