නිදහස් පක්ෂයෙන් තීන්දුවක්

වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මින් ඉදිරියට කිසිඳු ගනුදෙනුවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (12) කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් අමතමින් ඔහු ඒ බව පැවසීය.

“ශාන්ත බණ්ඩාර සිය දේශපාලන ජීවිතයේ සියදිවි නසා ගත්තා කියලයි මම විශ්වාස කරන්නේ. ඔහු  කියනවාලු මට කියලා ගියේ කියලා. මට කෝල් කරලාවත් කිව්වේ නැහැ. අපි අද ආණ්ඩුවේ මන්ත්‍රීවරු නෙමේ. විපක්ෂයේ කණ්ඩායමකුත් නෙමේ. අපි ස්වාධීනවයි අදහස් ප්‍රකාශ කරන්නේ. ජනතාව ආවේගශීලිවීම පිළිබඳව ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ.. පාර්ලිමේන්තුවේ එයාලගේ සංඛ්‍යාව වැඩි නිසා.. මේ තියෙන ප්‍රශ්න එකක්වත් ප්‍රශ්න නෙමෙයි විදිහට තමයි කතා කරන්නේ. ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ. මේ තත්ත්වය තුළ අපි ආණ්ඩුවත් එක්ක යළි ගනුදෙනු කරන්නේ නැහැ. ලියුම් ලියලා සාකච්ඡා කරලා සියල්ල ඉවරයි. පාරට බැහැලා රාජපක්ෂ පාලනය එපා කියන ජනතාවත් එක්කයි ශ්‍රීලනිපය ඉන්නේ.”

එම හමුව ඇමතූ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ රාජපක්ෂ පාලනයක් ඉදිරියටද පවතින්නේ නම් එම ආණ්ඩුවට එරෙහිව හෙට සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විරෝධය නියැලෙන බවය.

“සජිත් හිටපු ජනපති හමුවෙන්න ආවා. රාජපක්ෂ පවුලේ කිසිදු කෙනෙක් කැබිනට් මණ්ඩලයේ ඉන්න බැහැ. අගමැති මහින්ද නම් තනතුරු භාරගන්නේ නැහැ. අද රාත්‍රී 7ට රැස්වීමක් තියෙද්දි ජනපති ඊයේ ශාන්ත බණ්ඩාරට ඇමතිකමක් දෙනවා. පුරුදු සෙල්ලමම රාජපක්ෂලා නැවත පටන් අරන්. පාරවල්වලින් හොරාකාපු සල්ලිවලින් මන්ත්‍රීවරු මිලදී ගන්නවා. ශාන්ත බණ්ඩාරට කීයක් දුන්නාද දන්නේ නැහැ. වටිනාකමක් සහිතව ගිහින් තියෙන්නේ. මේ ජනපති මෙහෙම කරයි කියලා හිතුවේ නැහැ. හිටපු රාජපක්ෂලා පක්ෂ දෙකට තුනට කැඩුවා. ජරාජීරණ දේශපාලනය ගෝඨාභය රාජපක්ෂත් කරනවා. මන්ත්‍රිවරුන් මිලදී ගෙන 113 හදලා හෙට ඉඳලා ජනතාවට මුහුණ දෙන්න බැහැ. ආණ්ඩුවට එරෙහිව අපි එළියට බහිනවා. නැවත රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදනවා නම් රටවල්වලට උදව් කරන්න ඉඩ තියන්නේ නැහැ. නින්දිත ආණ්ඩුව සමඟ නැවත ගනුදෙනු නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?