නිදහස් පක්ෂයෙන් තීන්දුවක්

වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මින් ඉදිරියට කිසිඳු ගනුදෙනුවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (12) කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් අමතමින් ඔහු ඒ බව පැවසීය.

“ශාන්ත බණ්ඩාර සිය දේශපාලන ජීවිතයේ සියදිවි නසා ගත්තා කියලයි මම විශ්වාස කරන්නේ. ඔහු  කියනවාලු මට කියලා ගියේ කියලා. මට කෝල් කරලාවත් කිව්වේ නැහැ. අපි අද ආණ්ඩුවේ මන්ත්‍රීවරු නෙමේ. විපක්ෂයේ කණ්ඩායමකුත් නෙමේ. අපි ස්වාධීනවයි අදහස් ප්‍රකාශ කරන්නේ. ජනතාව ආවේගශීලිවීම පිළිබඳව ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ.. පාර්ලිමේන්තුවේ එයාලගේ සංඛ්‍යාව වැඩි නිසා.. මේ තියෙන ප්‍රශ්න එකක්වත් ප්‍රශ්න නෙමෙයි විදිහට තමයි කතා කරන්නේ. ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ. මේ තත්ත්වය තුළ අපි ආණ්ඩුවත් එක්ක යළි ගනුදෙනු කරන්නේ නැහැ. ලියුම් ලියලා සාකච්ඡා කරලා සියල්ල ඉවරයි. පාරට බැහැලා රාජපක්ෂ පාලනය එපා කියන ජනතාවත් එක්කයි ශ්‍රීලනිපය ඉන්නේ.”

එම හමුව ඇමතූ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ රාජපක්ෂ පාලනයක් ඉදිරියටද පවතින්නේ නම් එම ආණ්ඩුවට එරෙහිව හෙට සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විරෝධය නියැලෙන බවය.

“සජිත් හිටපු ජනපති හමුවෙන්න ආවා. රාජපක්ෂ පවුලේ කිසිදු කෙනෙක් කැබිනට් මණ්ඩලයේ ඉන්න බැහැ. අගමැති මහින්ද නම් තනතුරු භාරගන්නේ නැහැ. අද රාත්‍රී 7ට රැස්වීමක් තියෙද්දි ජනපති ඊයේ ශාන්ත බණ්ඩාරට ඇමතිකමක් දෙනවා. පුරුදු සෙල්ලමම රාජපක්ෂලා නැවත පටන් අරන්. පාරවල්වලින් හොරාකාපු සල්ලිවලින් මන්ත්‍රීවරු මිලදී ගන්නවා. ශාන්ත බණ්ඩාරට කීයක් දුන්නාද දන්නේ නැහැ. වටිනාකමක් සහිතව ගිහින් තියෙන්නේ. මේ ජනපති මෙහෙම කරයි කියලා හිතුවේ නැහැ. හිටපු රාජපක්ෂලා පක්ෂ දෙකට තුනට කැඩුවා. ජරාජීරණ දේශපාලනය ගෝඨාභය රාජපක්ෂත් කරනවා. මන්ත්‍රිවරුන් මිලදී ගෙන 113 හදලා හෙට ඉඳලා ජනතාවට මුහුණ දෙන්න බැහැ. ආණ්ඩුවට එරෙහිව අපි එළියට බහිනවා. නැවත රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදනවා නම් රටවල්වලට උදව් කරන්න ඉඩ තියන්නේ නැහැ. නින්දිත ආණ්ඩුව සමඟ නැවත ගනුදෙනු නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57