අද කාලගුණ අනාවැකිය

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තව දුරටත් බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (09) දහවල් 12:12 ට හලාවත, මහකෙළිය, වැලිවිට (මාතලේ දිස්ත්‍රික්කය ), පුල්ලුමලෙයි, කල්කුඩා, සහ කුරුක්කල්මඩම් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?