පාර්ලිමේන්තුවට පැමිණි ජනපතිට උණුසුම් පිළිගැනීමක් ලැබුණා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (අප්‍රේල් 7) පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබූ  බව ය.

“අධිභාර බද්ද පනත් කෙටුම්පත” දෙවන වර කියවීමේ අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිවරයා වෙත මන්ත්‍රීවරු අත්පොළසන් දෙමින්, ප්‍රීති ඝෝෂා නගමින් ඉහළ පිළිගැනීමක් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.  

අදාළ නිවේදනයේ වැඩිදුරට ත් දැක්වෙන්නේ, කෙටි වේලාවක් පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටි ජනාධිපතිවරයා මහජන නියෝජිතයන්ගේ ඉදිරිපත් කිරීම් කෙරෙහි සිය අවධානය යොමු කළ බව ය.

WhatsApp Image 2022 04 07 at 11.22.50 AM

පෙර පුවත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?