තිරිඟු පිටි මිල ඉහළට ?

තිරිඟු පිටි කිලෝවක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් වල සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

තිරිඟු පිටි සමාගම් පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දැමුවේය. තිරිඟු පිටි කිලෝවක් මේ දිනවල රුපියල් 180 ක් පමණ වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේය.

බේකරි අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම නිසා කේක් කිලෝවක මිල රුපියල් දහසක් දක්වා ඉහළ දැමීමට සිදුවී ඇතැයිද සභාපතිවරයා කීවේය.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සියයට පනහකින් පහත වැටී තිබෙන බවත්, සුළු පරිමාණ බේකරි රැසක් මේ වෙද්දී වැසී ගොස් ඇති බවත් ඔහු පවසයි.

ඇතැම් බේකරි හිමියන් මාළු පාන් ගෙඩියක් රුපියල් 120 කට ද, සැන්විච් එකක් රුපියල් 250 කට ද අලෙවි කරන බවද, මේ නිසා බේකරි කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් සභපතිවරයා සඳහන් කරයි.අසීමිත ලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් පාලනයකින් තොරව තවදුරටත් ඉහළ ගියහොත් ජනතාව විසින් වෙළෙඳ ප්‍රජාවද වටලන කාලය වැඩි ඈතක නොවන බවත්, සීනි කිලෝවක මිල රුපියල් 250 ක් දක්වාද, පොල් තෙල් ලීටරයක් රුපියල් 1100 ක් දක්වාද වැඩිකර ඇතැයිද සභාපතිවරයා කියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04