රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

අත්‍යාවශ්‍ය ඖෂධ හා අත්‍යාවශ්‍ය උපකරණ නොමැති පසුබිමක සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට රජය කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් ඇති විය හැකි බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරින් දැනුවත් කළ ද ඊට ඔවුන් විසින් නිසි පියවර නොගත් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා,

“අද වෙනකොට අපිට පේන්න තියෙනවා දැඩි ඖෂධ අර්බුදයකට අපි මුහුණදෙමින් ඉන්නවා. රජයකට තියෙන මුලික වගකීමක් තමා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට සෞඛ්‍ය සඳහා තියෙන මුලික අයිතිවාසිකම තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම. මේ සියලුම මුලික අයිතිවාසිකම් මේ රජය සපුරාලන්න රජය අසමත් වේගෙන එනවා. රටේ බෙහෙත් නැත්නම් අත්‍යාවශ්‍ය ඖෂධ නැත්නම්, අත්‍යාවශ්‍ය උපකරණ නැත්නම්, ශෛල්‍යකර්ම කරන්න අවශ්‍ය උපකරණ නැත්නම්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්න බැහැ. නමුත් අපි දැක්කා රජය ඒ සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ, ඖෂධ ලබානොදුන්නට වෘත්තීය සමිති මර්දනය කරන්න අත්‍යාවශ්‍ය සේවා කරලා සෞඛ්‍ය සේවාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළා. රජයක් සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හඳුනාගෙන ගැසට් පත්‍රයක් ගහනවා නම් රජයට පුළුවන් වෙන්න ඕනේ අත්‍යාවශ්‍ය දේවල් තියෙන බව තහවුරු කරන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14