AFC Banner
Empty Ad
Empty Ad

ලාංකිකයින් ගෙන්වා ගැනීමට ආදාළව අගමැතිගෙන් විශේෂ උපදෙසක්

ආර්ථික අපහසුතා ඇති විදෙස්ගත ලාංකිකයින් රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ.

ඒ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, ඒ අනුව ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් 50 % ක් රජය මගින් දැරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු පාර්ශව වෙත දැනුම් දී ඇති බවයි.

සෙසු ලාංකිකයින්ට මෙරටට පැමිණීමට සහන මිල ගණන් යටතේ ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

එහිදී වැඩිදුරටත් උපදෙස් දෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පැමිණෙන ලාංකිකයින්ගේ නිරෝධායන කාලසීමාව සංශෝධනය සම්බන්ධයෙන් ද, අවධානය යොමු කරන ලෙසයි.

PCR පරීක්ෂණ අනුව කොරෝනා ආසාදනය වී නොමැති පුද්ගලයින් නිවෙස් නිරෝධායනයේ තැබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග එක්ව හැකි සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, තවත් ශ්‍රී ලාංකිකයින් 22483 දෙනෙකු මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?