ලාංකිකයින් ගෙන්වා ගැනීමට ආදාළව අගමැතිගෙන් විශේෂ උපදෙසක්

ආර්ථික අපහසුතා ඇති විදෙස්ගත ලාංකිකයින් රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ.

ඒ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, ඒ අනුව ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් 50 % ක් රජය මගින් දැරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු පාර්ශව වෙත දැනුම් දී ඇති බවයි.

සෙසු ලාංකිකයින්ට මෙරටට පැමිණීමට සහන මිල ගණන් යටතේ ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

එහිදී වැඩිදුරටත් උපදෙස් දෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පැමිණෙන ලාංකිකයින්ගේ නිරෝධායන කාලසීමාව සංශෝධනය සම්බන්ධයෙන් ද, අවධානය යොමු කරන ලෙසයි.

PCR පරීක්ෂණ අනුව කොරෝනා ආසාදනය වී නොමැති පුද්ගලයින් නිවෙස් නිරෝධායනයේ තැබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග එක්ව හැකි සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, තවත් ශ්‍රී ලාංකිකයින් 22483 දෙනෙකු මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33