පක්ෂයේ තනතුර භාර නොගත් හේතුව නවීන් කියයි

එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය ඇතුළු අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ඉටු නොවීම හේතුවෙන් තමන් පක්ෂ ජාතික සංවිධායක තනතුර භාර නොගත් බව නවීන් දිසානායක මහතා පවසයි. 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස පත්කෙරුණු අර්ජුන රණතුංග මහතා සමග අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය. 

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නවීන් දිසානායක මහතා “මම තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. පක්ෂයෙන් ඉවත් වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මාව පත්කරත් මම එය භාර ගත්තේ නෑ. පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම තමයි එයට හේතුව,” යනුවෙන් පැවසීය. 

“මමත් තීරණයක් ගත්තා. මට ලබාදීලා තිබුණා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය. තනතුරු බලාගෙන මම දේශපාලනය කරන්නේ නෑ. මම තාමත එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. මම ඉදිරියේදී තීරණය කරනවා. මම කොයි විදිහට ද දේශපාලනය කරන්නේ කියලා,” යැයි එක්සත් ජාතික පක්ෂයේ සාමාජික අර්ජුන රණතුංග මහතා ද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?