පක්ෂයේ තනතුර භාර නොගත් හේතුව නවීන් කියයි

එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය ඇතුළු අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ඉටු නොවීම හේතුවෙන් තමන් පක්ෂ ජාතික සංවිධායක තනතුර භාර නොගත් බව නවීන් දිසානායක මහතා පවසයි. 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස පත්කෙරුණු අර්ජුන රණතුංග මහතා සමග අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය. 

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නවීන් දිසානායක මහතා “මම තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. පක්ෂයෙන් ඉවත් වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මාව පත්කරත් මම එය භාර ගත්තේ නෑ. පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම තමයි එයට හේතුව,” යනුවෙන් පැවසීය. 

“මමත් තීරණයක් ගත්තා. මට ලබාදීලා තිබුණා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය. තනතුරු බලාගෙන මම දේශපාලනය කරන්නේ නෑ. මම තාමත එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. මම ඉදිරියේදී තීරණය කරනවා. මම කොයි විදිහට ද දේශපාලනය කරන්නේ කියලා,” යැයි එක්සත් ජාතික පක්ෂයේ සාමාජික අර්ජුන රණතුංග මහතා ද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43