AFC Banner
Empty Ad
Empty Ad

අද එන ඉන්දීය එන්නත බාරගන්න ජනපති කටුනායකට

ඉන්දියාවෙන් ලැබෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය අද පෙරවරු 11 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාර ගැනීමට නියමිතයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සඳහන් කළේ එම එන්නත්, ලබාදීමේ කටයුතු හෙට සිටම ආරම්භ කරන බවයි.

එම එන්නත් තොගය එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකින් අද මෙරටට රැගෙන එනවා.

ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ශ්‍රී ලංකාවට ලැබෙන අතර, එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙකක් ලබාදිය යුතු නිසා එමඟින් පුද්ගලයන් දෙලක්ෂ 50,000 ක් එන්නත් කළ හැකියි.  

ඒ අනුව, පළමුව සෞඛ්‍ය අංශයේ එක්ලක්ෂ 50,000 කට එන්නත් ලබාදීම සිදුකෙරෙනවා.

කෙසේ වෙතත්, එන්නත් මාත්‍රා ලක්ෂ 70 ක් පමණ මෙරටදී පුද්ගලයින් ලක්ෂ 35 කට ලබාදීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ හෙට සිට එන්නත්කරණ කටයුතු බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6 කින් ආරම්භ කරන බවයි.

එන්නත් තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් කරන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

134257108 921608078372522 3542962428920364435 n 1
134448174 922080451658618 2564844022028098333 n
134738709 919951695204827 8333074435340277588 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?