අද එන ඉන්දීය එන්නත බාරගන්න ජනපති කටුනායකට

ඉන්දියාවෙන් ලැබෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය අද පෙරවරු 11 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාර ගැනීමට නියමිතයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සඳහන් කළේ එම එන්නත්, ලබාදීමේ කටයුතු හෙට සිටම ආරම්භ කරන බවයි.

එම එන්නත් තොගය එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකින් අද මෙරටට රැගෙන එනවා.

ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ශ්‍රී ලංකාවට ලැබෙන අතර, එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙකක් ලබාදිය යුතු නිසා එමඟින් පුද්ගලයන් දෙලක්ෂ 50,000 ක් එන්නත් කළ හැකියි.  

ඒ අනුව, පළමුව සෞඛ්‍ය අංශයේ එක්ලක්ෂ 50,000 කට එන්නත් ලබාදීම සිදුකෙරෙනවා.

කෙසේ වෙතත්, එන්නත් මාත්‍රා ලක්ෂ 70 ක් පමණ මෙරටදී පුද්ගලයින් ලක්ෂ 35 කට ලබාදීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ හෙට සිට එන්නත්කරණ කටයුතු බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6 කින් ආරම්භ කරන බවයි.

එන්නත් තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් කරන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

134257108 921608078372522 3542962428920364435 n 1
134448174 922080451658618 2564844022028098333 n
134738709 919951695204827 8333074435340277588 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33