පියා දියණිය සහ පෙම්වතා අවසන් ගමන් ගිය කටුගස්තොට නිවසෙන් ලක්ෂ 50 ක මුදල් ්වක් හමුවෙයි

කටුගස්තොට පොලිස් වසමේ මැණික් කුඹුර වත්ත ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පියා,දියණිය හා අගේ පෙම්වතා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ පොලීසිය එම ගින්න පෙම්වතා බව කියන තරුණයා විසින් සිදුකරනු ලැබ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

අදාළ නිවසේ පදිංචි තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා අද (24) පෙරවරුවේ නිවසට පැමිණ කිසියම් දියරයක් නිවසට ඉස ගිනි තැබීම සිදුකර තිබෙන අතර ගින්නෙන් ඔහු සමඟ ඊෂ්වරන් මේනකා (30) නැමැති පෙම්වතියත්  ඊශ්වරන් දේවන් (71) නැමැති ඇගේ පියාත් නිවස තුළදීම පිළිස්සී මියගොස් තිබේ.

ගිනි තැබීම සිදුකළ බවට සැකකරන තරුණයා මහනුවර නගරයේ ස්වර්ණාභරණ අළෙවි සැලක සේවය කරන්නෙකු බවත් ඔහු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව මාස 6 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැමිණ තිබෙන බවත් ප්‍රදේශවාසීහු පවසති .සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ රාණි අම්මා (65) නැමැති  අය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.ඇය මියගිය ඊෂ්වරන් දේවන්ගේ බිරිඳ බව පොලීසිය පවසයි.

සම්පූර්ණයෙන් ලෑලි වලින් නිමවා ටකරන් සෙවිලි කොට තිබූ එම නිවස ගින්න හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. මියගිය තිදෙනාගේ සිරුරු එකම ස්ථානයක දැවී පිළිස්සී තිබිණි.

ගිනි තැබීම සිදුකළ බවට සැකකරන තරුණයා හා අදාළ නිවසේ පදිංචි තරුණිය අතර වසර 10 ක පමණ ප්‍රේම සම්බන්ධයක් පැවැත ඇති බවත් තරුණිය එය නතර කිරීම නිසා උරණ වී මොහු මෙම ගිනි තැබීම සිදුකරන්නට ඇති බවට සැකකරන බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා කීය.

ගිනි තැබීමට උපයෝගි කරගෙන තිබෙන ද්‍රාවණය කුමක්ද යන්න සම්බන්ධව ප්‍රකාශ කළ හැකි වන්නේ රස පරීක්ෂක වාර්තා ලැබීමෙන් පසු බවද ඒ මහතා පැවසුවේය.

මියගිය ඊෂ්වරන් දේවන් කටුගස්තොට රණවන පාරේ බුලත් විට හා සුරුට්ටු අළෙවි කරන කුඩා පෙට්ටි කඩයක් පවත්වාගෙන ගොස් ඇත.නිවසේ කුඩා යකඩ සේප්පුවක රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් දක්නට ලැබුණු බව පොලීසිය පවසයි. පෙරවරු  7.00 ට විතර ඊෂ්වරන්ගේ නිවස දෙසින් කෑගැසීමක් ඇසී ගොස් බලන විට නිවස ගිනිගනිමින් තිබූ බවත් වසා තිබුණු දොර විවෘත කරනවාත් සමඟම රාණි අම්මා බිම දිගේ බඩගාගෙන පිටතට පැමිණි බවත් සිද්ධිය ඇසින් දුටු  රිස්වාන් ජමාල්ඩීන් (45) පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?