පියා දියණිය සහ පෙම්වතා අවසන් ගමන් ගිය කටුගස්තොට නිවසෙන් ලක්ෂ 50 ක මුදල් ්වක් හමුවෙයි

කටුගස්තොට පොලිස් වසමේ මැණික් කුඹුර වත්ත ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පියා,දියණිය හා අගේ පෙම්වතා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ පොලීසිය එම ගින්න පෙම්වතා බව කියන තරුණයා විසින් සිදුකරනු ලැබ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

අදාළ නිවසේ පදිංචි තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා අද (24) පෙරවරුවේ නිවසට පැමිණ කිසියම් දියරයක් නිවසට ඉස ගිනි තැබීම සිදුකර තිබෙන අතර ගින්නෙන් ඔහු සමඟ ඊෂ්වරන් මේනකා (30) නැමැති පෙම්වතියත්  ඊශ්වරන් දේවන් (71) නැමැති ඇගේ පියාත් නිවස තුළදීම පිළිස්සී මියගොස් තිබේ.

ගිනි තැබීම සිදුකළ බවට සැකකරන තරුණයා මහනුවර නගරයේ ස්වර්ණාභරණ අළෙවි සැලක සේවය කරන්නෙකු බවත් ඔහු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව මාස 6 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැමිණ තිබෙන බවත් ප්‍රදේශවාසීහු පවසති .සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ රාණි අම්මා (65) නැමැති  අය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.ඇය මියගිය ඊෂ්වරන් දේවන්ගේ බිරිඳ බව පොලීසිය පවසයි.

සම්පූර්ණයෙන් ලෑලි වලින් නිමවා ටකරන් සෙවිලි කොට තිබූ එම නිවස ගින්න හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. මියගිය තිදෙනාගේ සිරුරු එකම ස්ථානයක දැවී පිළිස්සී තිබිණි.

ගිනි තැබීම සිදුකළ බවට සැකකරන තරුණයා හා අදාළ නිවසේ පදිංචි තරුණිය අතර වසර 10 ක පමණ ප්‍රේම සම්බන්ධයක් පැවැත ඇති බවත් තරුණිය එය නතර කිරීම නිසා උරණ වී මොහු මෙම ගිනි තැබීම සිදුකරන්නට ඇති බවට සැකකරන බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා කීය.

ගිනි තැබීමට උපයෝගි කරගෙන තිබෙන ද්‍රාවණය කුමක්ද යන්න සම්බන්ධව ප්‍රකාශ කළ හැකි වන්නේ රස පරීක්ෂක වාර්තා ලැබීමෙන් පසු බවද ඒ මහතා පැවසුවේය.

මියගිය ඊෂ්වරන් දේවන් කටුගස්තොට රණවන පාරේ බුලත් විට හා සුරුට්ටු අළෙවි කරන කුඩා පෙට්ටි කඩයක් පවත්වාගෙන ගොස් ඇත.නිවසේ කුඩා යකඩ සේප්පුවක රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් දක්නට ලැබුණු බව පොලීසිය පවසයි. පෙරවරු  7.00 ට විතර ඊෂ්වරන්ගේ නිවස දෙසින් කෑගැසීමක් ඇසී ගොස් බලන විට නිවස ගිනිගනිමින් තිබූ බවත් වසා තිබුණු දොර විවෘත කරනවාත් සමඟම රාණි අම්මා බිම දිගේ බඩගාගෙන පිටතට පැමිණි බවත් සිද්ධිය ඇසින් දුටු  රිස්වාන් ජමාල්ඩීන් (45) පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30