අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ආයතනයකට එරෙහිව නීතිමය පියවර

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ප්‍රධාන පෙළේ ආයතනයකට එරෙහි ව වගකීම් කාලයක් නොමැති ව විදුලි උපාංගයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ වැටලීම් ඒකකය පවසනවා.

පාරිභෝගික අධිකාරියට ලද තොරතුරක් අනුව උපාය දූතයෙකු ලවා එම ආයතනයෙන් විදුලි කේතලයක් අන්තර්ජාලයේ ඔස්සේ ඇනවුම් කිරීමෙන් පසු එය ලබාදීම සඳහා නාරාහෙන්පිට ප්‍රදේශයට එහි නියෝජිත රැගෙන ගිය අවස්ථාවේ දී සිදු කළ මෙහෙයුමකින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ඕනෑම විදුලි භාණ්ඩයකට මාස හයක අවම වගකීම් කාලයකට යටත්ව තිබිය යුතු බවත් මෙම ප්‍රධාන පෙළේ ආයතනයේ ඇප් එක පරික්ෂා කිරීමේ දී කිසිදු විදුලි භාණ්ඩයකට වගකීම් කාලයක් ප්‍රදර්ශනය කර නො තිබූ බවත් පැහැදිලිව වූ බව යි වැටලීම කළ නිලධාරින් පවසන්නේ.

විදුලි කේතලයේ රැගෙන ආ නියෝජිත බැඳුම් කරයක් මත නිදහස් කළ බවත් එකී ආයතනයට විරුද්ධව නීතිමය පියවර ගැනීමටත් ,ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමටත් පියවර ගන්නා බව අදාල නිලධාරින් වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?