අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ආයතනයකට එරෙහිව නීතිමය පියවර

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ප්‍රධාන පෙළේ ආයතනයකට එරෙහි ව වගකීම් කාලයක් නොමැති ව විදුලි උපාංගයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ වැටලීම් ඒකකය පවසනවා.

පාරිභෝගික අධිකාරියට ලද තොරතුරක් අනුව උපාය දූතයෙකු ලවා එම ආයතනයෙන් විදුලි කේතලයක් අන්තර්ජාලයේ ඔස්සේ ඇනවුම් කිරීමෙන් පසු එය ලබාදීම සඳහා නාරාහෙන්පිට ප්‍රදේශයට එහි නියෝජිත රැගෙන ගිය අවස්ථාවේ දී සිදු කළ මෙහෙයුමකින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ඕනෑම විදුලි භාණ්ඩයකට මාස හයක අවම වගකීම් කාලයකට යටත්ව තිබිය යුතු බවත් මෙම ප්‍රධාන පෙළේ ආයතනයේ ඇප් එක පරික්ෂා කිරීමේ දී කිසිදු විදුලි භාණ්ඩයකට වගකීම් කාලයක් ප්‍රදර්ශනය කර නො තිබූ බවත් පැහැදිලිව වූ බව යි වැටලීම කළ නිලධාරින් පවසන්නේ.

විදුලි කේතලයේ රැගෙන ආ නියෝජිත බැඳුම් කරයක් මත නිදහස් කළ බවත් එකී ආයතනයට විරුද්ධව නීතිමය පියවර ගැනීමටත් ,ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමටත් පියවර ගන්නා බව අදාල නිලධාරින් වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43