AFC Banner
Empty Ad
Empty Ad

චීනයෙනුත් ලංකාවට කොවිඩ් එන්නත් ලක්ෂ 3ක්

චීනයේ නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 සඳහා වන Sinopharm එන්නත ඉදිරිදීයේ දී චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබා දීමට කටයුතු කර ඇති බව කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, අද (27) පැවති මාධ්‍ය හමුවකදී ය.

ඒ අනුව, Sinopharm එන්නත් 300,000ක් ලැබීමට නියමිත බවත් එය ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා සිදු කරන බවත් ලලිත් වීරතුංග මහතා පැවසීය.

එම එන්නත් ද චීන රජයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව මෙරටට ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?