දේශීය මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අප්‍රේල් මස 01 වනදා සිට අනිවාර්ය කර ඇති බව ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරී කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මාසයේ දී ආරම්භ කළ බවය.
කෙසේවෙතත් එම ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය කිරීමේ දී මතු වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කල්දැමීමට සිදුවූ බව වාර්තා වේ.
ඒ අනුව, මෙම වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ඉදිරියේ දී සිදුකෙරෙන බවත් ආරක්ෂිත ස්ටිකරය ඇලවීමට නොහැකි දේශීය මත්පැන් සඳහා ඩිජිටල් සලකුණක් යෙදවීම අනිවාර්ය කර ඇති බවත් සුරාබදු මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














