තෙල් පෝළිමේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (20) රාත්‍රි කාලයේදී එම ඝාතනය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් ඇතිවී තිබේ.

පසුව ත්‍රිරෝද රථ රියදුරු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් සිට ඇති අතර, ආරවුල ඇතිකරගත් යතුරුපැදිකරු ඉන්ධන ලබාගෙන යනවිට ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ත්‍රිරෝද රථ රියදුර පළගොස් ඇත.

අනතුරුව තුවාලකරුව වතුපිටිවල රෝහල ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 28 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?