තෙල් පෝළිමේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (20) රාත්‍රි කාලයේදී එම ඝාතනය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් ඇතිවී තිබේ.

පසුව ත්‍රිරෝද රථ රියදුරු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් සිට ඇති අතර, ආරවුල ඇතිකරගත් යතුරුපැදිකරු ඉන්ධන ලබාගෙන යනවිට ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ත්‍රිරෝද රථ රියදුර පළගොස් ඇත.

අනතුරුව තුවාලකරුව වතුපිටිවල රෝහල ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 28 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

  1. හිගන කාලකන්නි රටක් වෙන කියන්න දෙයක් නැ. ජමන් වලත් තෙල් අර්බුද ලෝකෙට පෙනන්නේ නැ. පෝලිමේ ඒවා ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ නැ. හිගන ගොන්නු ඉන්නේ ලංකාවේ.පිහි ඇනුම්, රණ්ඩු මුසල කාලකන්නි හිගන ගොන් මිනිස්සු ඉන්නේ ලෝකෙන්ම ලංකාවේ විතරයි 🤟



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36