AFC Banner
Empty Ad
Empty Ad

නාවල පිරවුම්හල කොල්ලකෑ පුද්ගලයින් අත්අඩංගුවට

මිරිහාන නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 18 වනදා ත්‍රිරෝද රථයකින් එම ඉන්ධනහලට පැමිණි නාඳුනන පිරිසක් විසින් එහි සේවකයින්ට කඩුවලින් පහර දී රුපියල් 250,213 ක මුදලක් කොල්ලකා පළාගොස් තිබුණි.

පසුව සිදුකළ විමර්ශනවලදී ඉන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබි හොරොයින් ග්‍රෑම් 10යි මිලි 300ක ප්‍රමාණයක් ද සොයා ගැණුනි.

සැකකරුවන් 24 හැවිරිදි සහ 37 හැවිරිදි මොරගස්මුල්ල හා නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (20) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?