යතුරු පැදි 14 සොරකම් කල තරුණයා පොළිස් දැලේ….

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී යතුරුපැදි 14ක් සොරකම් කරන ලද පුද්ගලයෙක් සොරකම් කරන ලද යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු, කුරුණෑගල, වැල්ලව, පොතුහැර, නිට්ටඹුව, වැලිවේරිය, වරකාපොල, ජා-ඇල, වේයන්ගොඩ හා පෑලියගොඩ යන පොලිස් වසම් වලදී යතුරුපැදි 14ක් සොරකම් කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (19) උදෑසන කටුනායක වලානගොඩ ප්‍රදේශයේ දී කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 24 හැවිරිදි ඉදිගොල්ල, පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුව අද (20) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?