නුවරඑළියේ වසන්ත උදානයට සියල්ල සුදානම් : බාබකිව් උඳුන් ගැන විශේෂ තීරණයක් ගනියි

මෙවර නුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නුවරඑළිය මහ නගර සභාව පවසනවා.

නගරාධිපති චන්දනලාල් කරුණාරත්න නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වසන්ත උදානය ලබන අප්‍රේල් 1 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි.

නගරාධිපතිවරයා සඳහන් කළේ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීමේ කටයුතු මේවන විට සිදුකරමින් පවතින බවයි.

එලෙස පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ නුවරඑළිය ප්‍රදේශයේ සියලුම සංචාරක හෝටල් හිමියන් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල හිමිකරුවන් දැනුවත් කර තිබෙනවා.

පසුගිය සමයේ නුවරඑළියේ ඇතැම් සංචාරක නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල බාබකිව් උඳුන් කාමර තුල තබාගැනීමට අවස්ථාව ලබාදීම හමුවේ ජීවිත හානි සිදුවූ අතර මින් ඉදිරියට එවැනි අනතුරු සිදු නොවීමට පියවර ගෙන ඇති බවයි නගරාධිපතිවරයා අවධාරණය කළේ.

මේ අතර නුවරළිය මහ නගර සභාවේ විපක්ෂ නායක මහින්ද දොඩම්පේ පෙන්වා දෙන්නේ වසන්ත උදානය පවත්වන්නේ නම් මේ දිනවල ප්‍රදේශයේ පවතින පානීය ජල ගැටලුවට සහ ගෑස් හිගයට පිළියම් යොදන ලෙසටයි.

මේ දිනවල පවතින ඉන්ධන සහ ගෑස් හිගයට විසඳූම් ලබාදෙමින් වසන්ත උදානය පවත්වන්නේ නම් නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බව ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවන් මෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කරන රියදුරන් ද පෙන්වාදි තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36