රටවල් 14කින් රජයට ඉල්ලීමක්

යුක්‍රේනය වෙනුවෙන් හඬ නැගීමට සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු රජයෙන් ඉල්ලා ති‌බේ.
ඔවුන් අවධාරණය කළේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවය.

එබැවින් යුක්‍රේනය සහ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සක්‍රීය සහයෝගයට එක්වන ලෙස ඔවුන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙරට සිටින විදෙස් තානාපතිවරුන් 14 දෙනෙකු අවධාරණය කළේ, රුසියාවට සිය එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට තමන් සමග එක්වන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවය.

යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා ලොව පුරා සිටින තම මිතුරන් සමග එක්ව කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලොව පුරා ජාතීන්ගේ ස්වෛරීභාවය වෙනුවෙන් තමන් යුක්‍රේනය සමග සිටින බව ද අදාළ දූත මණ්ඩල ප්‍රධානීන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් ය.

මෙම ඒකාබද්ධ නිවේදනයට ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්, කැනඩාවේ මහ කොමසාරිස්, යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානී, ප්‍රංශ තානාපති, ජර්මන් තානාපතිවරයා, ඉතාලි තානාපතිවරිය, නෙදර්ලන්ත තානාපතිවරිය, නවසීලන්ත මහ කොමසාරිස්වරයා, නෝර්වේ තානාපතිවරිය, ජපාන තානාපතිවරයා, රුමේනියාවේ තානාපතිවරයා, ස්විට්සර්ලන්ත තානාපතිවරයා අත්සන් තබා ති‌බේ.

මීට අමතරව, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය සහ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරිය ද අදාළ ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා ති‌බේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?