රටවල් 14කින් රජයට ඉල්ලීමක්

යුක්‍රේනය වෙනුවෙන් හඬ නැගීමට සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු රජයෙන් ඉල්ලා ති‌බේ.
ඔවුන් අවධාරණය කළේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවය.

එබැවින් යුක්‍රේනය සහ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සක්‍රීය සහයෝගයට එක්වන ලෙස ඔවුන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙරට සිටින විදෙස් තානාපතිවරුන් 14 දෙනෙකු අවධාරණය කළේ, රුසියාවට සිය එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට තමන් සමග එක්වන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවය.

යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා ලොව පුරා සිටින තම මිතුරන් සමග එක්ව කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලොව පුරා ජාතීන්ගේ ස්වෛරීභාවය වෙනුවෙන් තමන් යුක්‍රේනය සමග සිටින බව ද අදාළ දූත මණ්ඩල ප්‍රධානීන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් ය.

මෙම ඒකාබද්ධ නිවේදනයට ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්, කැනඩාවේ මහ කොමසාරිස්, යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානී, ප්‍රංශ තානාපති, ජර්මන් තානාපතිවරයා, ඉතාලි තානාපතිවරිය, නෙදර්ලන්ත තානාපතිවරිය, නවසීලන්ත මහ කොමසාරිස්වරයා, නෝර්වේ තානාපතිවරිය, ජපාන තානාපතිවරයා, රුමේනියාවේ තානාපතිවරයා, ස්විට්සර්ලන්ත තානාපතිවරයා අත්සන් තබා ති‌බේ.

මීට අමතරව, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය සහ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරිය ද අදාළ ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා ති‌බේ.

  1. ඔය අත්සන් කරපු ඔක්කොම කලේ යුක්‍රේනය කුලප්පු කිරීමයි. යුරෝපා සංගමය් ..ඇමරිකාව..එංගලන්තය ..උතුරු අත්ලාන්තික් සංවිධානය ..මේ ඔක්කොම ක්‍රියාකළ ආකරයේ වැරදි ප්‍රතිඵලය රුසියාව යුක්‍රේනයට පහරදීම.කිසිම රජයක් යුද්ධය නැවැත්වීමට කටයුතු නොකර ආයුධ සපයනවා..මේ සියලූම රටවල් මේ විනාශයේ වගකීම භාරගත යුතුයි

  2. What a SHAME to SO CALLED Big Countries ! Sri Lanka is a small country. The request from such big countries to SL has come while UNHRC sessions against Sri Lanka is still going on in Geneva, Switzerland.

    Sri Lanka will laugh at them.
    😀🇱🇰

    • ලංකාව යුද්ධය යුද්ධයේ උච්චතම අවස්ථාව ආපු වෙලාවේ ඒක නවත්තන්න ඔය 14 දෙනාම දැඟලුවා ඒ උනාට චීනය සහ රුසියාව තමයි අපිට උදව් කරේ ඉරානය සමග .පකිස්ථානයත් ඇතුළත්ව