AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ උනුසුම් තත්වයක්….

සමාජවාදී තරුණ සංගමය මගින් ඇරැඹු උද්ඝෝෂණයේ විරෝධතාකරුවෝ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී විරෝධතාවේ නියැලී සිටිති.

මෙම දැවැන්ත විරෝධතා රැලිය සඳහා අතිවිශාල තරුණ තරුණයින් පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබේ.

තෙල් පෝලිම් තවත් එපා!, ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු! ආදි සටන් පාඨ රැගත් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් මරදාන ටෙක්නිකල් මංසන්දියේ සිට විරෝධතා පාගමණින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර මේ වනවිට එහිදී විරෝධතා රැලිය පැවැත්වෙමින් තිබේ.

මරදාන ටෙක්නිකල් හන්දියෙන් අද (18) දහවල් මෙම පාගමන ඇරැඹිණි.මේ හේතුවෙන් ‌ටෙක්නිකල් හන්දිය අවට හා ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග රැසක රථ වාහන තද බදයක් ඇති විය.මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසල තරම උනුසුම් තත්වයක් ද නිර්මානය වී ඇත.

ඒ හා සම්බන්ධ සේයා රූ සහ වීඩියෝ පහතින්.

https://youtu.be/54iY4VCf5l0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
85
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?