AFC Banner
Empty Ad
Empty Ad

අකාලයේ මිලින වූ පුංචි මල් කැකුල

කොළඹ කුරුණෑගල මාර්ගයේ හිරලුගෙදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් මිය ගොස් ඇති බව කොටදෙණියාව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දිවුලපිටිය පින්නලන්ද ලිපිනයේ පදිංචිව සිටි දුල්සි දිල්හාරා සත්සරණි නැමති(16) පාසල් සිසුවියකි.
ඊයේ(17) වැනිදා යතුරු පැදියෙන් සිය මව කජු විකිනීමට ගොස් ආපසු යමින් සිටියදී පසු පසින් වේගයෙන් පැමිණි ටිපර් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් බරපතල තුවාල ලත් දියණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇත.යතුරු පැදිය පදවා ඇත්තේ දියණියගේ මව වන අතර මව සුළු තුවාල ලබා ඇත.මිය ගිය දැරියගේ මෘත ශරීරය දිවුලපිටිය දිසා රෝහලේ තැම්පත් කර ඇත.

ටිපර් රථයේ රියදුරු කොටදෙණියාව පොලීසිය විසින් ඇත් අඩංගුවට ගෙන ඇත.මේ සම්බන්ධව කොටදෙණියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?