රට පාලනය කිරීම සඳහා ආණ්ඩුවේ අනාගත සැලසුම සකස් කරන්නේ, ජනතාව අසීරුතාවට පත්ව සිටින මේ මොහොතේ දැයි අද (මාර්තු 15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ය.
අදාළ මාධ්‍යවේදියා මෙම ප්‍රශ්නය යොමු කළේ, ගෑස් පෝලිමක සිට සජීවීව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සම්බන්ධ වෙමිනි.
“රටක් පාලනය කරන කොට අවුරුදු 5කට සැලැස්මක් හදාගන්නවා. යුද්ධයක්, ව්‍යසනයක්, තෙල් නැතිවුණොත් ඒ වගේ, future plan එකේ කන්සෙප්ට් අනුව තමයි රට පාලනය කරන්නේ. ඔබතුමාලාට future plan එකක් නැද්ද මේ තරම් ජනතාව අසීරුතාවට පත් වෙනකම් ඉඳලා දැන් ද future plan එකක් හදන්නේ?,” යනුවෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ ය.
ඊට පිළිතුරු ලබා දෙමින් සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, වර්තමානයේ පවතින අර්බුදයෙන් රට ගොඩගැනීමට අවශ්‍ය කටයුතු ආණ්ඩුව අඛණ්ඩව සිදු කරන බව ය.
මූල්‍ය ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයින්ගේ උපදෙස් ලබා ගනිමින් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා මේ පිළිබඳව කටයුතු කරන බව ඔහු මෙහිදී පැවසීය.
රමේෂ් පතිරණ මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියේ, ආණ්ඩුව මෙම තත්ත්වය කළමණාකරණය කර ගැනීමට විවිධ විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගෙන ඇති බව ය.




